වයඹ පළාතේ වාරියපොල නගරයට නුදුරින් පිහිටා ඇති ඓතිහාසික කදිරාගල පුරාණ
රජමහා විහාරස්‌ථානය ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියක් උසුලන
විහාරස්‌ථානයක් වශයෙන් හැඳින්විය හැක. මෙම විහාරස්‌ථාන භුමියේ ගලේ
බණ්‌ඩාර දෙවියන් සඳහා පුද පූජා කරන දේවාලයක් ද පිහිටා තිබේ.
කදිරාගල පුරාණ රජමහා විහාරස්‌ථානයේ නම නිර්මාණයේදී ඉතිහාසය කතරගම දෙවිඳුන්
විසූ කාලය දක්‌වා දිවයයි. කතරගම දෙවිඳුන් මෙම විහාරස්‌ථානය පිහිටා ඇති ගල
කදිරආගල ලෙස හඳුන්වා එය පසුකාලයේදී කදිරාගල යන නමින් ප්‍රසිද්ධ වී ඇත.
වාරියපොල නගරයෙන් ඇති වට රවුමෙන් දකුණට හැරී කිතුල්වැහැර මාර්ගයේ කිලෝ මීටර්
3/4 ක් පමණ පැමිණ වමට හැරී පියුම්ගල්ල ගම්මානය මැදින් කිලෝ මීටර් 3/4 ක්
පමණ දුරක් ගියවිට ඓතිහාසික කදිරාගල පුරාණ විහාර ස්‌ථානය දර්ශනිය කඳුකරයක්
පාමුල මනස්‌කාන්ත දර්ශනීය පරිසරයක පිහිටා තිබේ.
කදිරාගල පුරාණ රජමහා විහාරය වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරය
හෙට්‌ටිගම ශ්‍රී සුදර්ශනාරාමය, මල්වාන රාජගිරිලෙන් විහාරය සහ කුරුණෑගල ඇත්කඳ
පුරාණ රජමහා විහාර යන විහාරස්‌ථානවල අධිපති ධුරය දරන වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක.
අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‌ෂු අභ්‍යාස විද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය ආචාර්ය
තුඹුල්ලේ සිලඛන්ධ නාහිමියෝ දරමින් වැඩ වාසය කරති.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ ඇමැතිවරයකුව සිටියායෑයි කියන මීගස්‌තැන්නේ
අධිකාරම් විසින් මෙම විහාරස්‌ථානය කරන ලදැයි මුඛ පරම්පරාවෙන් පැවතගෙන එයි.
මෙම විහාරස්‌ථානයේ ගල් කන්ද මත දිය නොසිඳෙන පොකුණක්‌ද ඇත. දැඩි නියඟයක් පවතින
අවස්‌ථාවකදී මෙම පොකුණ ඉසීම කළහොත් ප්‍රදේශයට වර්ෂාව ලැබෙන බව ප්‍රදේශවාසීහු
පවසති.
සෑම වර්ෂයකදීම ප්‍රදේශයේ බෞද්ධ ජනතාව විසින් ගොවිතැන්වලින් ලබා ගන්නා අස්‌වැන්න
එක් රැස්‌කර පන්සලේ ඇති කන්ද උඩ "කීල පන්දම" යනුවෙන් උත්සවයක්
පවත්වනු ලබති. සිකුරාදා සවස් කාලයේ පොල් ගෙඩි හැටක් ගාල එයින් තෙල් හිඳ
පැරණි සිවුරුවලින් පන්දමක් ගොතා එය දල්වා කිරි උතුරා මහ දානමය පින්කමක්
ද පැවැත්වේ.
දැනට මෙම විහාරස්‌ථායේ වැඩ වසන විහාර වාසී කැටයාපතනේ සෝමරතන හිමි මෙම විහාරස්‌ථානය
ගැන මෙසේ පවසයි.
ඇතුගල්පුර රාජධානි සමයේ වත්හිමි කුමාරයා ලෙස ජීවත් වූ අය ඇතුගලෙන් පහළට පෙරළා
මරා දැමීමෙන් අනතුරුව ගලේ බණ්‌ඩාර දෙවියන් වූ බව මිනිසුන් තුළ විශ්වාසයක්
පවතී. ගලේබණ්‌ඩාර දෙවියන්ගේ ආරාධනාවක් පරිදි කතරගම දෙවිඳුන් මෙම ස්‌ථානයට
වැඩම කර ඇතිබව පැවැසේ.
සෑම වසරකම ජනවාරි 1 වැනිදා සවස වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරස්‌ථානයෙන්
පෙරහැරක් ආරම්භ වී එය වාරියපොළ නගරය ඔස්‌සේ ඓතිහාසික කදිරාගල පුරාණ විහාරස්‌ථානයට
පැමිණීමෙන් පසු රට වැසියන්ට සහ රජයට සෙත්පතා මහා බෝධි පූජාවක් පවත්වා ඉන්
අනතුරුව ගලේ බණ්‌ඩාර දෙවියන් උදෙසා දේව පූජාවක්‌ද පැවැත්වේ.
අක්‌කර 8 ක භූමිභාගයක් අයත් මෙම විහාරස්‌ථානය විහාරයකට අවශ්‍ය සියලුම අංගවලින්
සමන්විත වෙයි. මෙහි ඇති ගල්ගුහාවක විහාර මන්දිරය ඉදිකර ඇති අතර එහි අඩි 20
ක් පමණ උසින් ඝන අඩි 12 ක් පමණ ඔත් පිළිම වහන්සේ නමක් නිර්මාණය කර තිබේ